ආදරය කරන්න පුරුදු වන්න ක්‍රම 4 ක්.




ර්තමාන තරගකාරී ලෝකය තුල මිනිසුන්ට ආදරය පිලිබඳව අමතක වෙලා තිබෙනව මෙම ලිපියෙන් බලාපොරොත්තු වෙන්නෙ මිනිසුන්ට ආදරය පිලිබඳව නැවත මතක්කරල දෙන්න.

01. සුරතල් සතෙක්ව ඇතිකරන්න


         සුරතල් සතුන් කියන්නෙ ලස්සන ජීවීන්.ඒ වගේම ඔවුන් ඔබ කොයි වගේ පුද්ගලයෙක්ද කියල සලකන්නෙ නැහැ.ඔවුන් ඔබට ආදරය කරනව.සුරතල් සතකුට ආදරය කිරීමෙන් පලමු පියවර තබන්න ඔබ ආදරය පිලිබඳව බොහෝ දේ ඉගෙන ගනීවි.

02. පරණ යාලුවෙකුට කතා කරන්න.


                  යහලුවන් ඔබව අවබෝධ කරගනයි සිටින්නෙ.ඒ වගේම ඔවුන් ඔබට සෑම වෙලාවකම නොපෙන්වුවත් ගොඩක් ආදරය කරනව.එම නිසා පරණ යහලුවෙකුට කතා කිරීමෙන් ඔබගේ සතුට වඩවාගත හැක.

03. ස්වෙච්ඡාවෙන් පොදු වැඩවල යෙදෙන්න.


                     අද වන විට සමාජයේ සිටින බෝහෝ පුද්ගලයින් අතිශය ආත්මාර්ථ කාමීන් බවට පත්ව සිටිනව.මෙමගින් ඔවුන්ටවත් සමාජයටවත් සෙතක්සිද්ද වන්නෙ නැහැ.හැකි සෑම විටම ස්වෙච්ඡාවෙන් පොදු වැඩවල යෙදෙන්න ඔබට බොහෝ දෙනාගේ ආදරය ලැබේවි.   


04. සිනහ වන්න.


                        සිනහවට බොහෝ දේ කල හැකියි.ඔබගේ සිනහවෙන් අනෙක් පුද්ගලයින් ඔබව මිත්‍රශීලී පුද්ගලයෙක් ලෙස හඳූනා ගන්නවා මෙන්ම ඔබට ආදරය කරනව.

ස්තුතියි....!

සිත්තමට ලිව්වේ  :

ලේඛකයා-ෂම්මි වික්‍රමසිංහ.
ලිපි ගණන-01


0 comments :

ඔබගේ මොළය හදුනාගන්න. (Amazing Brain)






මුලින්ම මම කැමතියි ඔබෙන් ප්‍රශ්නයක් අහන්න ඒ තමයි ඔබට මොළ කීයක් තිබෙනවද? එකක්ද නැතිනම් දෙකක්ද? සමහරවිට ඔබට හිතෙනව ඇති මේක ඉතාමත්ම මෝඩ ප්‍රශ්නයක් කියල ඒ කොහොම වුනත් මෙම ප්‍රශ්නයට පිළිතුර තමයි ඔබට තිබෙන්නෙ එක් මොළයක් පමණක් බව.
           ඇත්තටම ස්වභාව ධර්මයේ  අපූරු නිර්මාණයක් වන ඔබගේ මොළය වම සහ දකුණ ලෙස කොටස්  දෙකකට බෙදී පවතිනව.එම එක් එක් කොටස සමහර හැසිරීම් සඳහා විශේෂනය වී පවතිනව. ඒ වගේම මෙම කොටස් දෙක ස්නායු තන්තු මිලියන 200-250 අතර ප්‍රමානයකින් නිර්මානය වූ corpus callosum නැමැති ඝන බෑන්ඩ් එකක් මගින් එකිනෙකා අතර සන්නිවේදනය කරනු ලබනව. ඉතින් දැන් ඔබ සිතනව ඇති අද මම ඉදිරිපත් කරන ලිපියේ විශේෂත්වය කුමක්ද කියල. ඇත්තටම මම මෙම ලිපියෙන් බලාපොරොත්තු වෙන්නෙ ඉහත සඳහන් කල විදිහට සෑදී පවතින මොළයේ වම් සහ දකුණු කොටස් අපගේ ජීවිත වලට බලපෑම් කරන ආකාරය පිලිබඳව ඔබට තොරතුරු ඉදිරිපත් කිරීමටයි. මෙහිදී මෙම එක් එක් කොටස්වල භූමිකාව පිළිබඳව තොරතුරු වගේම ඔබගේ මොළයේ ප්‍රමුඛව පවතින්නේ  කූමන පැත්තද යන්න සොයා බැලීමට සරල පරීක්ෂණයක් ඉදිරිපත් කිරීමටත් බලාපොරොත්තු වෙනව.

 මුලින්ම අපි බලමු වම් සහ දකණු මොළයේ කාර්යයන් 

 වම් මොළයේ කාර්යයන්

  • භාෂාව
  • ගණිතය
  • තර්කනය
 වම් මොළ කරුවන්ගේ ගුණාංග
  1.  සම්භාවණීය ගීත ප්‍රිය කරයි.
  2.  ගණිතයට දක්ෂයි.
  3. කියවීමට ප්‍රිය කරයි.
  4.  බොහෝ තාර්කිකයි.
  5. බල්ලන්ට ප්‍රිය කරයි.
  6. පාඩම් කිරීමට නහඬ පරිසරයක් අවශ්‍යයි.
  7. ක්‍රියාදාම චිත්‍රපට ප්‍රිය කරයි.
  8. හිඳගෙන සිටින විට හොඳින් සිතයි.
  9. සංගීතය විවේචනය කරීමට ප්‍රිය කරයි.
  10. සංවිධානාත්මකව කටයුතු කරයි.
 
වම් මොළ කරුවන් තෝරාගන්නා රැකියාවන්
  • Lab scientist
  • Banker
  • Judge
  • Lawyer
  දකණු මොළයේ කාර්යයන්
  • අවකාශ හැකියාවන්
  • කලා හැකියාවන්
  • සිහින දැකීම
  දකණු මොළ කරුවන්ගේ ගුණාංග
  1. වේගවත් ගීත ප්‍රිය කරයි.
  2. ක්‍රිඩාවට දක්ෂයි.
  3. කලාවට දක්ෂයි.
  4. පූසන්ට ප්‍රිය කරයි.
  5. පාඩම්කරන අතරතුර ගීත ඇසීම වැනි කටයුතුවල යෙදෙයි.
  6. සිදුනොවන දේ පිලිබඳව සිහින දකියි.
  7. හාන්සිවී සිටින විටදී හොඳින් සිතිය හැක.
  8. ගුප්තයි.
  9. කතා කීමට ප්‍රිය කරයි.
  10. ගීත මතක තබා ගනී.
 
දකණු මොළ කරුවන් තෝරාගන්නා රැකියාවන්
  • Forest ranger
  • Wildlife manager
  • Beautician
  • Politician
  • Athlete
  • Artist
  • Craftsman
  • Actor/Actress


ඔබගේ මොළය හඳුනාගන්න.
අපි දැන් බලමු කොහොමද අපේ මොළයෙ ප්‍රමුඛ වෙලා තිබෙන  පැත්ත සොයාගන්නෙ කියල. මේකට තිබෙනව ඉතාමත්ම සරල පරීක්ෂණයක්.පහත රූපය දෙස බලන්න ඔබට පෙනෙනව ඇති භ්‍රමණය වන කාන්තා රූපයක් එම රූපය දෙස මද වේලාවක් බලා සිටින්න.


 

මෙම කාන්තා රුව භ්‍රමණය වනව ඔබ දැක්කෙ ඔරලෝසුවෙ කටුව කැරකෙන දිශාවට නම් ඔබගේ ප්‍රමුඛ වී ඇත්තේ දකුණු මොළයයි. ඒවගේම මෙම කාන්තා රුව භ්‍රමණය වනව ඔබ දැක්කෙ ඔරලෝසුවෙ කටුව කැරකෙන දිශාවට විරුද්ධ දිශාවට නම් ඔබගේ ප්‍රමුඛ වී ඇත්තේ  වම් මොළයයි.
 මීට අමතරව නවතම පරයේෂණයකට අනුව සොයාගෙන තිබෙනව ජංගම දුරකතනය භාවිතා කරන අත අනුවත් මොළයේ ප්‍රමුඛ පැත්ත හඳුනාගත හැකි බව.ඒ අනුව දකුණු මොළය ප්‍රමුඛ පුද්ගලයන් ජංගම දුරකතනය භාවිතා කරන විට වම් අත වැඩිපුර යොදාගන්නා බවත් වම් මොළය ප්‍රමුඛ පුද්ගලයන් ජංගම දුරකතනය භාවිතා කරන විට දකුණු අත වැඩිපුර යොදාගන්නා බවත් සොයාගෙන ඇත.
මෙම ලිපියෙන් මම බලාපොරොත්තු වුනේ වම් සහ දකුණු මොළ පිලිබඳව මූලික හැඳින්වීමක් ලබා දීම පමණයි.මේ පිළිබඳව වැඩිදුර තොරතුරු ඉදිරි ලිපිවලින් සවිස්තරාත්මකව ලබාදීමට බලාපොරොත්තු වෙනව.එහිදී වම් සහ දකුණු මොළ වල හැකියාවන් පුද්ගලයාගේ  දක්ෂතා වර්ධනයට යොදාගන්නා අකාරය වැනි වදගත් තොරතුරු ඔබට දැන ගැනීමට ලැබේවි.
ඒවගේම ඔබගේ අදහස් දැනගැනීමට මම කැමතියි.ඒ නිසා ඔබගේ සියලු අදහස්,යෝජනා,චෝදනා comment එකකින් දාල යන්න  අමතක කරන්න එපා. තවද අපගේ facebook page එකට Like කීරීමෙන් ඔබට අප අඩවිය තුල අලුත් වන තොරතුරු සැනෙකින් ලබා ගැනීමට හැකිවනු ඇත.


 ස්තුතියි.............!


















0 comments :

Social Media Widget After Every Post